වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර ඇති අතර, ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම පිණිස එම වී තොගයෙන් ප්‍රමාණවත් ආරක්ෂික තොගයක් රඳවාගෙන ඉතිරිය අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පෙන්වා දෙනවා.
ඒ අනුව, විධිමත් ටෙන්ඩර් ක්‍රම වේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













