අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධය අවසන් වූ පසු යළි ඉරානයේ අන්තර්ජාල ප්‍රවේශය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ඉරාන රජය පවසනවා.
රජයේ ප්‍රවේශය අන්තර්ජාලය ඇතුළු සියලුම යටිතල පහසුකම් සඳහා සාධාරණ ප්‍රවේශයක් බවත් අන්තර්ජාල ප්‍රවේශය සිවිල් අයිතිවාසිකමක් ලෙස ඔවුන් පිළිගන්නා බවත් රජයේ ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි පවසා තිබෙනවා.
යුද්ධය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වන දින සිට, ඉරානයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දින 74 ක් පුරාවට සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාල අවහිර කිරීමක් අත්විඳිමින් සිටිනවා.
කෙසේ වෙතත් ඉරාන රජය අනුමත අඩවිවලට පමණක් ප්‍රවේශ විය හැකියාව ඉරාන වැසියන්ට හිමිව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













