නිර්දෝශීභාවය ඔප්පු කිරීමේ හොදම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම බවත්එ, ඒ නිසාවෙන් කැඳවන ඕනෑම අවස්ථාවක ඒ සඳහා සහභාගී වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (11) දින නෙළුම් මාවතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් විසින් හෙට (12) දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්.
ආණ්ඩුව විසින් බොහෝ කාරණා සැඟවීමට උත්සාහ කරන බවට පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව බොහෝමයක් ගැටළු මග හැර යාමට උත්සාහකරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













