මාවනැල්ල පොලිස් වසමේ හේලිස්වත්ත ප්‍රදේශයේ දී මා ඔයේ දිය නෑමට ගිය ළමයෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ (09) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙක්.
මියගිය ළමයා සහ තවත් ළමයෙකු සමඟ මා ඔයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මාවනැල්ල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













