හොංකොං වෙනුවෙන් ඔත්තු බැලූ දෙදෙනෙක් ලන්ඩනයේදී වරදකරුවන් වෙයි

බ්‍රිතාන්‍ය ආගමන නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු බ්‍රහස්පතින්දා ලන්ඩන් අධිකරණයක් විසින් හොංකොං සහ චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත වැරදිකරුවන් බවට පත් කෙරුණා.

මෙසේ වරදකරුවන් කෙරුණේ එක්සත් රාජධානියේ දේශසීමා ආරක්ෂක බලකායේ සේවය දෙදෙනෙක්.

2023 දෙසැම්බර් සහ 2024 මැයි අතර කාලය තුළ විදේශ බුද්ධි සේවයකට සහාය වීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වුණා.

චීන සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියන් වන ඔවුන් දෙදෙනාම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය බ්‍රිතාන්‍යය ඔවුන්ට එරෙහි ගොතන ලද චෝදනා ගොනු කර ඇති බවට චෝදනා කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චීනය වෙනුවෙන් ඔත්තු බැලීම සම්බන්ධයෙන් වරදකරු වූ පළමු පුද්ගලයින් ඔවුන් බව විශ්වාස කෙරෙනවා.

වරදකරුවන්⁣ට පසුව දඬුවම් නියම කරනු ලබන අතර වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම වනු ඇතැයි සඳහන්.

මේ අතර සිද්ධියට අදාළව බ්‍රිතාන්‍යය, එරට සිටින චීන තානාපතිවරයා කැඳවන බව ආරක්ෂක අමාත්‍ය ඩෑන් ජාවිස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

චීනය වෙනුවෙන් මෙම පුද්ගලයින් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් බ්‍රිතාන්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් වන බව සදහන් කරන ආරක්ෂක අමාත්‍යවරයා එය කිසි විටෙකත් සුලු කොට නොතකන බවද අවධාරණය කරනවා.

Source: https://www.ft.com/content/f478746f-a8d4-4b96-8a28-c70babeb2f3d

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !