“ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම ට්‍රම්ප් තාවකාලිකව අත්හිටුවයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම අරමුණෙන් තාවකාලිකව මෙම මෙහෙයුම අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සිය ටෘෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා බලමින් මෙම තීරණයට එළැඹී බවයි.

කෙසේ වෙතත්, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් විසින් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted