බන්ධනාගාර සිර මැදිරියක් තුළ රඳවා සිටින රඳවියෙකුගේ උපන්දිනය කේක් කපා සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළා.
සිද්ධිය සිදුවූයේ කවදා ද යන්න නිවැරදිව තීරණය කිරීම සඳහා කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
බොහෝ දුරට එම වාර්තාව අද (04) දිනය තුළ ලැබෙනු ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා, දසත නිවුස් සිදුකළ විමසීමක දී පැවසුවේ.
‘අහුංගල්ලේ ලොකු පැටී’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව කියන නාමල් නොහොත් ‘පොඩියා’ නැමැති පුද්ගලයෙකුගේ උපන්දින සමරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.













