තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එම නිල පිලිළිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ පැවැත්වෙනවා.
මෙම නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටිනවා.
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරයද මෙයයි.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.













