දිවයිනට පැමිණි මාලදිවයින් ජනපති පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම නිල පිලිළිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ පැවැත්වෙනවා.

මෙම නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටිනවා.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරයද මෙයයි.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58