සහෝදරයා සමඟ යතුරුපැදියෙන් දහම් පාසල් යමින් සිටි දැරිය බස් රථයක ගැටී මරුට

කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය – සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේ දී බස් රථයක යතුරුපැදියක් ගැටී ඊයේ (03) උදෑසන මාරාන්තික අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතල තුවාල ලබා දෙහිගස්හන්දිය රෝහලටඇතුළත් කර ඇති අතර, ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් පසුපැදිකාරිය මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල, සිරිගල රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් මියගොස් ඇත්තේ වුරුදු 14 ක් වූ ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචි දැරියක්.

එම දැරිය සහෝදරයා සමඟ යතුරුපැදියෙන් දහම් පාසල් යමින් සිටිය දී සිරිපුරගම ‌දෙසට ධාවන වූ ලංගම බස් රථයක යතුරුපැදිය ගැටී මෙම ආනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56