අල්ලස් කොමිසමට කැඳවා ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් මහින්දගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත මෙතෙක් කිසිඳු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

අදාළ පාර්ශ්වය වෙත නොතීසියක් ලැබීමට පෙර රජයට හිතවත් පෞද්ගලික මාධ්‍ය සහ SMS සේවා මගින් ඒ පිළිබඳ පුවත් ප්‍රචාරයවීම නිසා අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය සහ එහි විමර්ශන ක්‍රියාවලිය යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුවන්නේ ද යන සැකයක් පවතින බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් ලෙස ද ඔහු නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළ ද, වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳව ද ස්වාධීනව පරීක්ෂණ පවත්වන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවල දී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවත්ය් ඔහු වැඩිදුරටත් දක්වා සිටිනවා.

  1. නීතිය කරන්න, අනවශ්‍ය සද්ද නැතිව, මෝඩ චූන් දැමීමට නෙමෙයි අපි චන්දේ දුන්නේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56