රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ නිල සංචරක් සඳහා අද (03) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

අමාත්‍යවරයා සමඟ එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 07 දෙනෙකු ද දූත පිරිස ලෙස මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.

මෙම පිරිස අද (03) පෙරවරු 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !