NSBM හරිත සරසවියට අපහාස කළ අයට මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස නියෝග

NSBM හරිත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් නමැති ආයතනයට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් සංජය මහවත්ත නැමැත්තකුට නියෝග කර තිබෙනවා.

වග උත්තරකාර සංජය මහවත්ත නැමැත්තා සිදුකළ ප්‍රකාශයකින් සිය ආයතනයට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 250 බැගින් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ එම සමාගම විසින් නඩු දෙකක් ගොනුකර තිබුණා.

ඒක පාක්ෂික නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදුන් අතර, පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සිල්වා පෙනී සිටිමින් පැමිණිල්ල වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්ෂි ඉදිරිපත් කර තිබුණා.

එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත සාක්ෂි තුළින් විත්තියේ හබ කිරීමකින් තොරව පැමිණිල්ල සිය නඩු නිමිත්ත සනාථ කොට ඇති බව තීන්දු කළ කොළඹ දිසා අධිකරණය අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිකාර සමාගමට අපහාසයක් සිදු කිරීමට විත්තිකරුට අයිතියක් නොමැති බවයි.

එමෙන්ම පැමිණිලිකාර සමාගමට කීර්තිනාමයක් පවතින බව තීන්දු කළ අධිකරණය පැමිණිල්ලට සිදු වූ අපහාසය වෙනුවෙන් එක් එක් නඩුකරයට රුපියල් මිලියන 250 බැගින් රුපියල් මිලියන 500ක් පැමිණිලිකාර සමාගමට වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි නියෝග කළේ.

එම වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වනතුරු නෛතික පොළියද ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන්.

ඊට අමතරව පැමිණිලිකරුට අපහාසාත්මක වන ආකාරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, සමාජ මාධ්‍ය අන්තර්ගතයන් පළ කිරීම වළක්වාලමින් විත්තිකරු වෙත ඉන්ජංෂන් තහනමක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56