ඉන්දීය ප්‍රිමියර් ලීගයට අදාළව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර ඊයේ (29) දිනයේ පැවති තරගය නිමාවට පත්වුණේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට කඩුලු 06ක ජයක් හිමිකර දෙමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් රැස්කර ගනු ලැබුවා.
එහිදී දකුණු අප්‍රිකානු පිතිකරු රයන් රිකෙල්ටන් පන්දු 44කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර මුම්බායි ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 123ක් රැස්ගත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ වේගවත්ම ශතකය සහ ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිඳ දමමින්.
කෙසේ වෙතත් රයන් රිකෙල්ටන් විසින් මෙලෙස බිඳ දැමූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකවේ සජ්නත් ජයසූරියයි.
සනත් ජයසූරිය, 2008 වර්ෂයේ දී පන්දු 45කින් ශතකයක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.













