අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

විදෙස් රටකට අදාළ ණය ගෙවීමකදී, මහ භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත දැනුම් දී තිබෙනවා.

ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ අද (30) දිනයේ දී පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් ලිපියක් මඟින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත දැනුම් දී තිබුණේ, ඔහු අද දිනයේ දී කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවයි.

හර්ෂණ සූරියප්පෙරුම විසින් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිර්යේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන බැවින් තමන් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
33
+1
2
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38