සුගීෂ්වර ඇතුළු පිරිසට එල්ල වූ අසූචි ප්‍රහාරය පොහොට්ටුව හෙළාදකී

සාමකාමී උද්ඝෝෂකයින් පිරිසක් හමුවේ ආණ්ඩුව විසින් මුදාහල ප්‍රචණ්ඩත්වය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද (28) දින මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ පැලවත්තේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයේ නිරතව සිටිය දී නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසට එක්ක වූ අසූචි ප්‍රහාරයට විරෝධය පළකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණ මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය පහතින්.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිමා ආණ්ඩුවේ දූෂිත ගණුදෙනු කිහිපයක් පිළිබදව තොරතුරු රැසක් පසුගිය දිනවල සමාජය හමුවේ අනාවරණය විය. මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන ගණනක් අතුරුදහන් කරවීමේ ආරවුල අනාවරණය වූයේ කන්ටේනර් මගඩිය, ගල් අගුරු ජාවාරම සහ මැති ඇමතිවරුන්ගේ අයථා වත්කම් පිළිබදව මහජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටියදීය.
පවතින තත්වය හමුවේ මාලිමා ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය දැන් සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වෙමින් පවතී. ආණ්ඩුවේ දූෂණ වංචා වලට එරෙහිව නැගී සිටීම සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයකි. වර්තමාන ආණ්ඩුව එකී ස්වාභාවික මහජන නැගිටීම් මර්දනය කිරීමේ ම්ලේච්ඡ ප්‍රවේශය තෝරා ගෙන ඇති බව අද අපට නිරීක්ෂණය විය. සාමකාමී මහජන උද්ඝෝෂණයක් හමුවේ මේ ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී අනීතික සහ ඉතා නොදියුණු හැසිරීමකි.මේ ආණ්ඩුව පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය වේදිකාව හරහා සිදුකළ ප්‍රචණ්ඩ දේශපාලනය අද භෞතික ප්‍රහාරයක් දක්වා රැගෙන යාම පිළිබදව ආණ්ඩුව ලැජ්ජා විය යුතුය.
ප්‍රතිමත ඉවසීම නුතන ආණ්ඩුකරණයේ සුවිශේෂීම ගුණාංගයකි. වර්තමාන පාලකයින්ට අප යෝජනා කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙරට දේශපාලනය මතප්‍රායෝගිකව ඔප්පු කල දේශපාලන සදාචාරය යළි නිවැරදිව වටහා ගන්නා ලෙසයි.
මේ ආණ්ඩුවේ වංචනික පාලනයට එරෙහිව අපි අභීතව නැගී සිටින්නෙමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ තෝරා ගැනීම පුද්ගල නිදහසට බාධා කිරීම දේපළ හා ජීවිත හානි වැනි අමිහිරි ප්‍රතිඵල වලින් තොර නූතන සටන් ප්‍රවේශයකි.
අද දින සාමකාමී උද්ඝෝෂකයින් පිරිසක් හමුවේ ආණ්ඩුව විසින් මුදාහල ප්‍රචණ්ඩත්වය අපි නැවතනැවතත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32