මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ නිලධාරියාගේ ද වැඩ තහනම් කර ඇති බව අද අනාවරණය වුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.
ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
ආයතනික තීන්දුවක් මත මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
9
+1
2
+1
1
+1
1
+1













