වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩික්කරුගේ ඉලක්කය ට්‍රම්ප් නෙවෙයි – වෙඩික්කරුගෙන් පාපොච්චාරණයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් තම ඉලක්ක වූ බව වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු පවසා තිබෙනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් හමුවේ සැකකරු මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර සිද්ධිය අතරතුර අවම වශයෙන් වෙඩි තැබීම් පහක් හෝ අටක් සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වෙඩික්කරුව ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා ගැනීමට සමත් වූ අතර, කෝල් තෝමස් ඇලන් නැමැති 31 හැවිරිදි සැකකරු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහිව හෙට දිනයේ විධිමත් ලෙස චෝදනා එල්ල කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ආර්යාව, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (25) රාත්‍රී පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

එම අවස්ථාවේ කිසිවෙකුටවත් හානිය නොවූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් වහාම එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවා.

මේ අතර සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීම ලෝක නායකයින් රැසක් හෙළාදැකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වන ඇන්තනි ඇල්බනීස්, වැඩබලන වෙනිසියුලානු ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඒ අතර වනවා.

  1. ලෝකයේ හා මනුෂ්‍යත්වයේ පැවැත්මට තර්ජනය වී ඇති මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කරන ඇමරිකානු ජනාධිපති අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා , ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය අතිගරු බෙන්ජමින් නෙතනියාහු මැතිතුමා ඇතුලු පිරිස බුදු සරණින් හා ලෝක පාලන සියලු දෙවි දෙවතාවියන් හා මනුෂ්‍යයන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලබමින සුරක්ෂිත වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54