ජාතික වෙසක් උත්සවය හේතුවෙන් මැයි 30, 31 දෙදින තුළ දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් .සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මීට පෙර මැයි 01 වනදා සහ 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය එම දෙදින තුළ නොපැවැත්වෙන බැවින්, මැයි මස 01 වනදාට යෙදෙන පොහොය දිනයේ පමණක් මත්පැන්හල් වසා තැබෙන බවයි.
ඒ, අනුව මැයි මාසයේ 01, 30 සහ 31 යන දින තුන තුළ පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇති.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
1
+1
+1
1
+1
1













