පහල්ගම් ප්‍රහාරයෙන් පසු ශක්තිමත්ව නැගී සිටින කාශ්මීරය

මීට වසරකට පෙර කාශ්මීරයේ සුන්දර පහල්ගම් නිම්නය සංචාරකයින්ගේ ලෙයින් තෙත් වූ ඒ බිහිසුණු දිනය අද මුළු මහත් ඉන්දියාවම කම්පනයෙන් යුතුව සිහිපත් කරනවා.

පුංචි ස්විට්සර්ලන්තයේ සිරි නැරඹීමට පැමිණ එදින ප්‍රහාරයෙන් දිවි අහිමි වූ 26 දෙනෙක්ගේ නාමය සදාතනික කිරීමට පහල්ගම් නිම්නයේ විශේෂ ස්මාරකයක් ද විවෘත කෙරුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ජීවිත පරිත්‍යාගය ජාතිය කිසිදා අමතක නොකරන බවයි.

ජම්මු සහ කාශ්මීරයේ සිවිල් වැසියන් 26 දෙනෙක්ට මරු කැඳවමින් සිදු වූ පහල්ගම් සංහාරයේ පළමු අනුස්මරණය නිමිත්තෙන් බයිසරන් නිම්නයේ ස්මාරකය අබියසදී සුහද අභනයන්, රැලි සහ නිහඬ උපහාර දැක්වීම් පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂාව දැඩි කර තිබූ අතර අමතර මුරපොළවල් ද ස්ථාපිත තර තිබූ බව වාර්තා වනවා.

පහල්ගම් හි, බොහෝ ගෙවන උද්‍යාන ඊයේ සංචාරකයින්ට නොමිලේ ප්‍රවේශයට අවසර ලබා දී තිබූ අතර අශ්ව හිමිකරුවන් අසරුවන්ට නොමිලේ අමතර කාලයක් ලබා දීමට පියවර ගත්තා.

කාශ්මීරයේ ප්‍රාදේශීය භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් කලු දිනයක් ලෙස සලකා ත්‍රස්තවාදයට එරෙහි විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයට උපහාර දක්වමින්, ජම්මු හා කාශ්මීරයේ ආණ්ඩුකාර මනෝජ් සිංහා පැවසුවේ සිද්ධිය අමතක නොකරන අතරම ඊට සම්බන්ධ වූවන්ට කිසිසේත් සමාව නොදෙන බවයි.

The Resistance Front නම් කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගත් අතර එය පකිස්ථානයේ ක්‍රියාත්මක ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයට සම්බන්ධ බව පසුව හෙළිවුණා.

මෙම ප්‍රහාරය සිදුවූයේ ජම්මු සහ කාශ්මීරයේ මැතිවරණයෙන් පසුව සහ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පැවති කාලයකයි.

බිය ඇති කිරීම, ආර්ථිකයට හානි කිරීම සහ කලාපයේ ප්‍රගතිය නැවැත්වීම ප්‍රහාරයේ අරමුණ වී තිබුණා.

ප්‍රහාරකයන් පකිස්ථානයට සම්බන්ධ බවට ඉන්දියාව චෝදනා කළ අතර ත්‍රස්තයන්ට එරෙහිව ඔපරේෂන් සින්දූර් ද ක්‍රියාත්මක කළා.

අද වන විට පහල්ගම් නිම්නය යළිත් සුන්දරත්වයෙන් පිරී ඇති අතර, සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් QR කේත ඇතුළත් නව ආරක්ෂක විධිවිධාන ද ක්‍රියාත්මකයි.

ඒ අනුව වසරක් ගත වන විට පහල්ගම් හි සාමය යළි ස්ථාපිත වී තිබෙනවා.

නැවතත් සංචාරකයින්ගෙන් වීථී සහ කඩ සාප්පු පිරී යමින් තිබෙන්නේ කාශ්මීරයේ ආර්ථිකය ද වර්ධනය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38