කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද (09) නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදීයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතවයි ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන්නේ.

මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතයි.

එම සේවා ගොඩනැගිල්ල තුල නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක් සහ තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතාවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වනවා.

දුම්රිය ස්ථානය අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය අළුතින් නිර්මාණය කරන අතර, එය සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශ විය හැකි පරිදි ඉදිකිරීමට නියමිතයි.

එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, දුම්රිය ස්ථානයට ඇතුළුවන සහ පිටවන මගීන් සඳහා නව තාක්ෂණය සහිත E-Gate පහසුකම හඳුන්වා දීමට පියවර ගැනෙනු ඇති.

මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මාස 15ක කාලයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162ක්.

එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර, ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදා ගැනෙනු ඇති.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් මිලියන 800ක් වැයකර අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය සැළසුම් සකස්කර ඇති අතර, එහි ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39