ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු හෝටල් කෑමවල මිල ගණන් ඉහළට

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස් රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි කෑමවල මිල ගණන් ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා.

ඊට අමතරව කිරි තේ සහ ප්ලේන්ටියන මිල ද මේ සමඟ ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

ඒ, අනුව මිල වැඩිකරන ප්‍රමාණය අද (06) දිනය තුළ ප්‍රකාශයට පත්කරන බවයි දසත නිවුස් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කළා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල වන්නේ රුපියල් 4,765ක්.

එමෙන්ම ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දැමූ අතර, එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් මිල ඉහල දමනු ලැබුවා.

ඒ, අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය නව මිල වන්නේ රුපියල් 5,700ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03