එක් මනුෂ්‍යයෙකුට ලෝකය පාලනය කිරීමට තිබෙන ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
අදට යෙදී තිබෙනවා පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු හිමියන් මේ බව පැවසුවා.
මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවත් මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන් යාඥා කරන ලෙසයි අගරදගුරු හිමියන් මෙහිදී සඳහන් කළේ.
“අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක්ට ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. ක්‍රිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි.”













