මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හදුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරිමේ උත්සවයක් අද (01) දින මස්කෙළිය සාමිමලේ නගරයේ උත්සව ශාලාවකදී පැවැත්වුණා.
මස්කෙළිය පොලිස්වසමට අයත් අප්කට්, ඔල්ටන්, මානෙළු, මීරියාකෝට්ට යන ප්‍රදේශවල එළවලු වගා කරන ගොවීන් නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ගෙන තිබුණා.
ඒ අනුව කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙක්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරිම අද (01) දිනයේ දී සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි , හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියා.













