මෙරට ජනතාවට වාහන ගැන සුබ පණිවිඩයක්!

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක සඳහන් වනවා.

රජය විසින් පසුගිය 2020 වසරේ සිට පනවා තිබෙන වාහන ආනයන සීමා ‌හේතුවෙන් මෙලෙස දේශීය වශයෙන් එකලස් කෙරෙන වාහන සඳහා ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම වාර්තාවට අනුව Mahindra KUV 100 SUV රථ 102 ක් පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර ඇති අතර මෙය මාර්තු මාසයේ දී ලියාපදිංචි කර තිබූ KUV 100 SUV රථ ප්‍රමාණයට වඩා 29%ක ඉහළ යාමකි.

මෙරට දී එකලස් කරනු ලබන DFSK රථ 138 ක් අප්‍රේල් මාසයේ දී අලුතෙන් ලියාපදිංචි කර ඇති අතර මාර්තු මාසයේ දී එම ප්‍රමාණය සටහන් වූයේ 78 ක් වශයෙනුයි.

තවද යුනයිටඩ් මෝටර්ස් විසින් ඒකලස් කරනු ලබන Zotye Z100 මෝටර් රථ 25 ක් ද පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර තිබෙනවා.

2021 අප්‍රේල් මාසයේ දී මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 2,418 ක් වනවා.

hhhhhhh
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?