ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කරන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය දැනුම් දෙනවා.
ඒ, අනුව අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.
පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවයි බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල සඳහන් කර සිටියේ.
ඒ අනුව මෙම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කරමින් පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
5
+1
1
+1
1













