වාහනයේ හිමිකාරිත්වය වෙනස් වී හෝ වාහන කිහිපයක් හිමි පුද්ගලයින්ට QR එකෙන් ඉන්ධන ලබාගැනීමේ දී ගැටළුවක

වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පද්ධතිය (QR Code) ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ (15) දිනයේ කටයුතු කළා.

ඒ, අනුව ඊයේ (15) පෙවවරු 6.00 සිට QR ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් වාහනයේ හිමිකාරිත්වය වෙනස් වී ඇති පුද්ගලයින් QR කේතය ලබාගැනීමේ දී ගැටලුවකට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව වාහන කිහිපයක් හිමි වාහන හිමියන්ට ද QR කේතය ලබාගැනීමේ දී ගැටලුවකට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් ‘දසත නිවුස්’ බලශක්ති අමාත්‍යංශයෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

එහි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, මෙම ගැටළු දෙක අද (16) දිනය තුළ දී නිරාකරණය කිරීමට කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි.

මේ අතර QR ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන ලබාගැනීමට පාරිභෝගිකයින් දැනුම්වත් කර තිබුණ ද බොහෝ ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවයි පාරිභෝගිකයින් මැසිවිලි නඟන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
12
+1
38
+1
3
+1
10
+1
12
+1
75
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !