RMV එකේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා ඇතුළත් වාර්තාව නීතිපතිට ලබාදීමට අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතීත්වයෙන් 2026.03.04 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදු වුණා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (04) ප්‍රකාරව රජයේ ගිණුම් කාරක සභාවේ අනාවරණය වන කරුණුවලට අදාළ වාර්තාවක් නිරීක්ෂණය සහ ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට විධිවිධාන සළසා ඇති අතර ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට අපේක්ෂා කෙරෙනවා.

2022 වසරේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සිදුකළ සංශෝධනයකට අනුව මෙම ප්‍රතිපාදනය ඇතුළත් කර ඇති අතර, ඒ අනුව නීතිපතිවරයාගේ නිරීක්ෂණයට සහ අවශ්‍ය කටයුතු සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාවක් නීතිපතිවරයාට ඉදිරිපත්කරනු ලබන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්.

මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් කෝපා කමිටුව හමුවට කැඳවා තිබුණා.

කෝපා කමිටුවේදී අනාවරණය වී ඇති පරිදි දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු 25 කට අදාළව ඉදිරි පියවර ගැනීම මේ අනුව සිදුකිරී‍මට නියමිතයි.

වංචා සහ දූෂණවලට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ කටයුතු කරන බවත් සෑම මසකම රැස්වී විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාකර නෛතික පියවර ගැනීමට අවශ්‍ය සහය සහ තොරතුරු ලබාදීමට සූදානමින් සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

රේගු පද්ධතිය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේවන විට සම්බන්ධ කර ඇති බවත්, පෙර සිදු වී ඇති බවට මේවන විට අනාවරණය වූ චංචනික ක්‍රියා තවදුරටත් සිදු කිරීම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතිබවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම මේ වන විට දත්ත පද්ධතියට ඇතුළු වූ නිලධාරීන් කවුරුන්ද යන්න පැහැදිළිව හඳුනාගත හැකි බැවින් දත්ත වෙනස් කිරීම ඇතුළු කිසිදු ක්‍රියාවකට මේ වන විට ඉඩකඩ නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.

මුල් ලිපිගොනු අස්ථානගතවීම නිසා මීට පෙර නිර්දේශවලට අදාළ විමර්ශන කටයුතු නැවතී ඇති තත්ත්වයන් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර. එහිදී නිලධාරීන් දැනුම් දුන්නේ වෙනත් මූලාශ්‍ර හරහා අදාළ තොරතුරු ලබාගෙන විමර්ශන කටයුතු සිදුකිරීමට සහය ලබාදෙන බවයි.

මෙම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ සුබවාදී ආකල්පයක් නොමැති බවත් එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයත් කාරක සභා මන්ත්‍රීවරු මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්නා.

දත්ත පද්ධතිය සහ මාර්ගගත පහසුකම් වැඩිදියුණු කිරීමෙන් අතරමැදියන්ගෙන් හා දූෂණයෙන් තොර කඩිනම් සහ විශ්වසනීයත්වයෙන් යුතු සේවයක් ලබා දෙන ආයතනයක් බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා ද මෙහිදී අවධාරණය කළා.

රේගු දෙපාර්තමේන්තුවට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ද සම්බන්ධ කරමින් නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව නව වාහන ලියාපදිංචිය, අයිතිය පැවරීම, වාහන අංක තහඩු සැපයීම හා රියදුරු බලපත්‍ර ලබාදීම යන කාර්යයන් කාර්යක්ෂමතාවකින් යුතුව සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ
ලේකම්වරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03