ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නැහැ – ප්‍රමාණවත් සංචිත රට තුළ, කලබලවෙලා තෙල් ගහන්න එපා (වීඩියෝ)

මැදපෙරදිග පවතින තත්ත්වය මධ්‍යයේ රටේ ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා සඳහන් කරන්නේ දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති බවයි.

මෙම මාසය සඳහා සැලසුම් කර ඇති ඉන්ධන ආනයන හෝමූස් කලාපය හරහා නොව ඉන්දියාව සහ සිංගප්පූරුව හරහා පැමිණෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විකල්ප සැපයුම් විධිවිධාන දැනටමත් සුරක්ෂිත කර ඇති බව සඳහන් කළ සභාපතිවරයා ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

පවතින ඉන්ධන සංචිත අවම වශයෙන් මාසයක් සඳහා ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බව ඔහු සහතික කළා.

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන බවට ඔහු සහතික වූ අතර, මහජනතාව සන්සුන්ව සිටින ලෙසත් අනවශ්‍ය භීතියෙන් මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, ඉන්ධන බෙදාහැරීම බාධාවකින් තොරව දිගටම පවතින බවත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46