ආරවුලක් දුරදිග යාමෙන් සාලියපුර නිවසක ඝාතනයක්

සාලියපුර, තෙප්පම්කුලම ප්‍රදේශයේ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසකට පැමිණි පුද්ගලයෙක් සහ නිවෙස් හිමියා අතර මෙම ආරවුල හටගෙන ඇති අතර, එහිදී නිවෙස් හිමියා විසින් තම නිවසට පැමිණි පුද්ගලයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා, ඝාතනය සිදුකළ බව කියන සැකකරුගේ දියණියගේ අනියම් ස්වාමිපුරුෂයා බවටයි සැකපළ කරන්නේ.

අපරාධය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56