පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද?

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි රජයේ වෛද්‍ය න්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේ, මෙරට 60ට වැඩි පිරිසට ද එන්නත්කරණය සිදුකිරීම ඉතා වැදගත් බවය.

ඒ තුළින් මේ වන විට ඉහළ යමින් පවතින කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“අපි 60ට වැඩි අයට එන්නත්කරණය කරොත් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90කින් අඩු ක ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් 40- 50ත් ප්‍රමාණයක් මියයනවා. මේ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවට සති 4ක් විතර ඇතුළත යනවා. ඒ කියන ආකාරයට එන්නත් කරොත්. ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. ආර්ථික වැදගත් කොටස්වලට ලබා දෙනකොට අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම එන්නත් ලබාදීම කළ යුතුයි. ඊට පස්සේ පාසල් දැනට වහලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා ගුරුවරු ලංකාවේ තුන්ලක්ෂ ගානක් ඉන්නේ ඔවුන්ට එන්නත ලබාදීම සඳහා ලබන මාසේ වන එනම් ජූලි මාසය වන විට කටයුතු කරන්න කියලා. ඒ තුළින් පාසල් විවෘත කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !