CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පළමු වරට කාන්තා නිලධාරිනියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබෙනවා.

මෙලෙස නව තනතුරට පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලයි.

2007 ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියක්.

රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත් විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අර්බුද කලමනාකරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇති නිලධාරිනියක්.

එමෙන්ම ඇය තායිලන්තයේ බැංකොක් නුවරදී ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත් මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත් හදාරා තිබෙනවා. ඇයගේ මෙම නව පත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය හිමිවී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09