CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පළමු වරට කාන්තා නිලධාරිනියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබෙනවා.

මෙලෙස නව තනතුරට පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලයි.

2007 ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියක්.

රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත් විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අර්බුද කලමනාකරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇති නිලධාරිනියක්.

එමෙන්ම ඇය තායිලන්තයේ බැංකොක් නුවරදී ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත් මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත් හදාරා තිබෙනවා. ඇයගේ මෙම නව පත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය හිමිවී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?