ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතූ පළමු ඉන්දීය නායකයා වූ මෝදි

තෙදින නිල සංචාරයක් අරඹමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ටෙල්අවිව් හි බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊශ්‍රායලයට අද (25) ගොඩ බැස්සා.

ඉන්දියාවේ විරුද්ධ පක්ෂවලින් මෙන්ම ලෝකයෙන් ද එල්ල වී ඇති විවේචන සහ විරෝධතා මැද ඊශ්‍රායලයට පැමිණි ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ සාරා නෙතන්යාහු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

එසේම ඉන්දීය අගමැතිවරයා ඊශ්‍රායලය දක්වා පැමිණි පැය 06ක ගුවන් ගමන ලෝකයේ වඩාත්ම නිරීක්ෂණය කරන ලද ගුවන් ගමන බවට පත්වූ බවයි ෆ්ලයිරේඩාර් 24 වෙඩ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ඊශ්‍රායලය යනු ලොව විශාලතම අවි අපනයනකරුවකු වන අතර, සමස්ත ලෝක අවි වෙළඳාමෙන් 3.1% ක කොටසකට ඊශ්‍රායලය හිමිකම් කියනවා.

ජාත්‍යන්තර දත්තවලට අනුව, 2020-2024 කාලය තුළ ඊශ්‍රායලයේ සමස්ත අවි අපනයනයෙන් 34%ක් ඉන්දියාවට අපනයනය කර ඇති අතර, මෙය දෙරට අතර, වැඩෙන ආරක්ෂක සබඳතා පිළිබඳ මෙන්ම දකුණු ආසියානු කලාපයේ බල දේශපාලනය පිළිබඳව ද වැදගත් ප්‍රවණතාවක් ලෙස සැලකෙනවා.

මෙම සංචාරයේදී අගමැති මෝදි ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතන පළමු ඉන්දීය නායකයා බවට පත්වන අතර, ඉන්දීය-ඊශ්‍රායල උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ද, විද්‍යාව හා තාක්ෂණය, නවෝත්පාදනය, ආරක්ෂාව, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වෙළඳාම සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05