“රනිල් සමඟ කියවන්න”, එජාපයෙන් තාරුණ්‍යයට ඇරයුමක්

”Read with Ranil , රනිල් සමඟ කියවන්න” නමින් නව තරුණ නායකත්ව වැඩසටහනක් දියත් කිරිමට එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණ සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන තරුණ ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය පාලනය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ජාතික නායකත්වය පිළිබඳ ව්‍යුහගත සාකච්ඡා හා සංවාදයන් හි නිරත වීමට අවස්ථාවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති බවයි එම පක්ෂය සදහන් කළේ.

එහි පළමු අදියර මාර්තු 19 වන දින සවස 5.30 ට කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ හරහා හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක ගණනාවක දේශපාලන අත්දැකීම්, නායකත්වය, ප්‍රතිපත්තිමය අත්දැකීම් සහ ඇතුළු කරුණු රැසක් පිළිබද දැනුම්වත් වීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ “රනිල් සමඟ කියවන්න” යනු හුදෙක් සාකච්ඡා වේදිකාවක් නොව, ශ්‍රී ලංකාවේ අනාගතයට අර්ථවත් ලෙස දායක වීමට සූදානම්, දැනුවත්, කල්පනාකාරී සහ වගකිවයුතු තරුණ නායකයින් බිහිකිරීම අරමුණු කරගත් නායකත්ව සංවර්ධන මාවතක් බවයි.

මාර්ගෝපදේශ සැසියන් හා සංවාදයන් ද මෙම වැඩසටහන තුළ අන්තර් ගත කර ඇති අතර ප්‍රධාන කුළුණු හතරක් යටතේ ප්‍රතිපත්ති සහ පාලනය කේන්ද්‍ර කරගත් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ සදහා සහභාගී වීට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි විය ඇකි අතර ආසන වෙන් කරගැනීමට අවස්ථාවක් ද මාර්ගත ක්‍රමය ඔස්සේ සංවාදයන් සදහා සහභාගී වීමට අවකාශය පවතින බවයි එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණ පැවසුවේ.

මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට Read with Ranil නිල සබැඳිය හරහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු මත අයදුම් කල හැකි බවද ඔවුන් සදහන් කළා.

Read with Ranil – Apply today via:
🌐 www.smartunp.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10