කොළඹ මහ නගර සභාවේ දූෂණ වංචා සොයන කොමිසමට පැමිණිලි භාරගන්නා කාලය දිගු කරයි

කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන මාර්තු 16 වනදා එම පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සහ තොරතුරු ඉදිරිපත් කළ හැකියි.

මේ සම්බන්ධයෙන් වන ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත “අංක 152, ගාලු පාර, කොළඹ 03” ලිපිනයට යොමු කළ හැකියි.

එම පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුයි.

තවද ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකියි.

කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතනවලට හෝ පුද්ගලයන්ට, 011 2 301 735 යන දුරකථන අංකය ඇමතීමෙන් 2026 මාර්තු මස 16 වන දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කරවා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21