පාර්ලිමේන්තුවේ පුටුව මාරු කරගත් සුනිල් වටගල (වීඩියෝ)

අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සිටියදී ඔහු අසළ අසුන්ගෙන සිටි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හට ඔහු අසුන්ගෙන සිටි ආසනයෙන් නැගිට යාමට සිදුවුණා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස අසළ තිබුණේ පාර්ලිමේන්තුවේ සභානායකගේ ආසනය වූ අතර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අසුන්ගෙන සිටියේ එම ආසනය මතයි.

පාර්ලිමේන්තුවේ පවතින සභා රීතිය අනුව එලෙස සභානායකවරයාගේ ආසනයේ වෙනත් අයෙකුට අසුන්ගැනීමට නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එම අසුනෙන් නැගිට ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?