මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බස් රථ රියදුරෙක් කඩුගන්නාවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති රියදුරන් හඳුනාගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය විසින් අද (19) දිනයේ දී කඩුගන්නාව නගරයේ දී විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සැකසහිත පෞද්ගලික මගී බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු මත්ද්‍රව්‍ය භාවිතා ක‍ර සිට ඇති බවටයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 හැවිරිදි කඩුගන්නාව – මහනුවර පෞද්ගලික මගී බස් රථ රියදුරෙක් ලෙස සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වූ ත්‍රිරෝද රථ රියදුරෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කීරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !