තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ප්‍රධාන සැකකරුවන්ට නවාතැන්දීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම සහ මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර ඝාතන සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ දී පුළුස්සා දමා තිබිය දී පොලිසිය ඊයේ (15) අලුයම සොයාගත්තා.
එය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලක දී පසුගිය 13 වනදා පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.



