අකුරේගොඩ වෙඩි තැබීමට හතරක් අත්අඩංගුවට

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රධාන සැකකරුවන්ට නවාතැන්දීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම සහ මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඝාතන සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ දී පුළුස්සා දමා තිබිය දී පොලිසිය ඊයේ (15) අලුයම සොයාගත්තා.

එය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලක දී පසුගිය 13 වනදා පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11