Update – අකුරේගොඩ වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි – කාර් රථය ගමන් ගත් මාර්ග විස්තරය මෙන්න

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථගාලේ ඊයේ (13) පස්වරුවේ සිදු වූ වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදුකරමින් පවතින විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

ඒ, අනුව මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ ඉහත මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (ඩෑශ් කැමරා) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරෙන අංක EP KI-7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (13) දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් සහ රියදුරන්ට පොලිසිය දැනුම් දෙන්නේ අපරාධකරුවන් පැමිණි කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත් ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම් නම් පොලිසියට දැනුම්දෙන ලෙසයි.

ඒ, අනුව 071 8598008 සහ 071 8592279 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පවසන පොලිසිය එලෙස ලබාදෙන තොරතුරුවල පූර්ණ රහසිගත භාවය සුරකින බවට ද දන්වා සිටිනවා.

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රථගාලක මෝටර් රථයක් තුළ සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුනේ ඊයේ (13) පස්වරුවේයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43