ඉන්දු – පාකිස්ථානය තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

අනිද්දා (15) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනවා.

ඒ, අනුව එදින මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

වින්ඩ්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් මාර්ගය), බ්‍රිටෝ බබාපුල්ලේ පාලම අසලින් බබාපුල්ලේ දෙසට ඇතුළුවීම, බාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළුවීම, සෙබස්තියන් ඇල පාර මල්වත්ත හන්දිය අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළුවීම, අඩි 100 පාර (පන්සල් පාර හන්දිය) අසලින් ක්‍රීඩාංගණය දෙසට ඇතුළුවීම, මාලිගාවත්ත පටු මඟ, සද්ධර්ම මාවත (පන්සල් පාර) යන මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇති.

මේ අතර තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළුවන සෑම පුද්ගලයෙක්ම විශේෂ ශරීර පරීක්ෂාවකට ලක්කර බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, සෑම ඇතුළුවීමේ දොරටුවක්ම CCTV කැමරා මඟින් පරීක්ෂා කිරීම්වලට ලක්කරන බවයි පැවසුවේ.

මෙම තරගය පස්වරු 7.00ට ආරම්භ වන අතර, තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පස්වරු 3.00 සිට ක්‍රීඩාංගණයේ දොරටු විවෘත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් කල්වේලා ඇතිව තරගය ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?