ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙලට එස්තෝනියානු නර්තන කණ්ඩායමක් දිවයිනට

ලෝකයේ රටවල් 06 ක සම්ප්‍රදායික නර්තන ශිල්පීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර නගරය මුල් කර ගනිමින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල සඳහා සහභාගී වීමට 17 දෙනෙකුගෙන් සමන්විත එස්තෝනියානු ජාතික නර්තන ශිල්පීන් කණ්ඩායමක් අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඉන්දියාව, බංගලදේශය, ආමේනියාව, තායිලන්තය, එස්තෝනියාව සහ පෝලන්තය යන රටවල සම්ප්‍රදායික නර්තන ශිල්පීන් 85 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමඟ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් එක්ව නර්තන ප්‍රසංග සහ වීදි නර්තන ප්‍රසංග මාලාවක් මෙම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙලේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය එළඹෙන 13 වනදා සිට 17 වනදා දක්වා මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම එස්තෝනියානු සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් පිරිස අද (10) අලුයම 05.45ට තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට ටී.කේ.- 730 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙලේ සභාපති තරිදු ධනංජය ඇතුළු එම කලා උළෙලේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02