ඇෆ්ගනුවන් පරදා කිවියන්ට ජය

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුණා.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඇෆ්ගනිස්ථානය පරදා නවසීලන්තය ජයගත්තේ කඩුලු 05කින්.

කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

අනතුරුව ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් පමණ දැවී එම ඉලක්කය සපුරා ගනිමින් මෙම තරගය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?