සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පවත්වා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීමේ අරමුණින් පැවති මෙම සාකච්ඡාවේ දී ඩිජිටල්කරණය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

ඩිජිටල්කරණ කාර්යක්ෂමතාව වර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානය යොමු වුණා.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වෘත්තිය සමිතිවල සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයෝ සහ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38