ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ධර්නිකා මුරුගප්පන් දැඩි ලෙස අසනීප වෙයි

ඔස්ට්‍රේලියාවේ උපන් තුන් හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරිවියක් ඔවුන්ව රඳවා සිටි ක්‍රිස්මස් දූපතේ සිට පර්ත් නුවර රෝහලකට රැගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ ඇය “රුධිර ආසාදන” තත්ත්වයක් හේතුවෙන් රෝගී වීම හේතුවෙනි.

මේ වනවිට හෙළිවී ඇත්තේ තර්නිකා මුරුගප්පන් නම් එම දැරිවිය මැයි 25 වනදා සිට වමනය, පාචනය සහ අධික උණ තත්ත්වය මත පීඩා විඳිමින් සිටි බවය.

අසනීප තත්ත්වයෙන් සිටිය ද ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුරේ මධ්‍යස්ථානයේ සේවකයින් එම දැරිවිය රෝහල්ගත කිරීම ප්‍රතික්ෂේප කර තිබු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් ඇයව පර්ත් නගරයේ පිහිටි රෝහලක් වෙත ගුවනින් ගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කර තිබේ.
 
මේ අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෘෘස් පැවසුවේ දැනට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින මුරුගප්පන් පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව ලබාදිය හැකිදැයි සොයාබලමින් සිටින බවය.

එය සංකීර්ණ කටයුත්තක් බව ඇය පැවසුවාය.

සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් තිබූ ඔවුන් එරට පදිංචිවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තර්නිකා සහ ඇයගේ මව, පියා සහ සොහොයුරිය බලධාරීන් විසින් ක්‍රිස්මස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රඳවන ලදී.

ඔවුන් එම ස්ථානයේ රඳවා සිටින්නේ 2019 වසරේ සිටය.

ඔවුන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් උත්සාහ කළ විට ඊට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13