ලක්ෂ 28ක මත්ද්‍රව්‍ය Pvc බටයක සඟවා ගෙන ගිය ‘ජොන්ටි’ අත්අඩංගුවට

දොඩංගොඩ පොලිසිය විසින් ලියනගොඩ ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගය සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

සැකකරු විසින් තම බෑගයේ සඟවා, ගෙනවිත් ඇති Pvc බටයක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම ලක්ෂ 28කට ආසන්න බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ජංගම දුරකථන දෙකක්, මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඩිජිටල් තරාදියක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ ගල්කැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ‘ජොන්ටි’ නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන 41 හැවිරිදි පුද්ගලයෙක්.

මේ වන විට අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමක විදෙස් රටක සිට මෙහෙයවන බවයි.

සැකකරු පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ඔහු අද (30) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?