ලක්ෂ 28ක මත්ද්‍රව්‍ය Pvc බටයක සඟවා ගෙන ගිය ‘ජොන්ටි’ අත්අඩංගුවට

දොඩංගොඩ පොලිසිය විසින් ලියනගොඩ ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ මෙහෙයුමක් අතරතුර පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගය සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

සැකකරු විසින් තම බෑගයේ සඟවා, ගෙනවිත් ඇති Pvc බටයක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම ලක්ෂ 28කට ආසන්න බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ජාවාරම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ජංගම දුරකථන දෙකක්, මත්ද්‍රව්‍ය කිරීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඩිජිටල් තරාදියක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ ගල්කැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ‘ජොන්ටි’ නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන 41 හැවිරිදි පුද්ගලයෙක්.

මේ වන විට අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමක විදෙස් රටක සිට මෙහෙයවන බවයි.

සැකකරු පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ඔහු අද (30) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32