නුවරඑළිය, ග්‍රෙගරි වැවට යාබදව අක්කර 10ක ඉඩමේ සංචාරක ව්‍යාපෘතියක්

නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයෙක් වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04