2026 වසරේ පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළා.
කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිමිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සඳහා ඉදිරියේදී නව යෝජනාවක් විදුලිබල බණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබුවද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනසීමේ අවාසි ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.
2026 ජනවාරි සිට මාර්තු දක්වා සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වන දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ලිපියක් මගින් ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබුණා.
කෙසේ වෙතත් 2026 පළමු කාර්තුව සදහාලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වන දිනයි.
එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින විදුලි බල මණ්ඩලය දන්වා සිටි අතර, නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවීම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශන වලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සදහායි.
කාර්තුවේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී ඇති අතර, එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපා හැකි බවයි එම කොමිසම පවසන්නේ.



