නැගෙනහිර රජයේ රෝහල්වල දොස්තරලා අඛණ්ඩ වැඩ වර්ජනයක

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය ,මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයවල සියලුම රොහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

අද (13) උදෑසන 8.00ට ආරම්භ වූ මෙම වැඩ වර්ජනය සංකේත වැඩවර්ජනයක් නොව අඛණ්ඩ වැඩ වර්ජනයක් බවයි වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙම අඛණ්ඩ වැඩ වර්ජන පැවැත්වෙන කාලය තුළ නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල සියලුම සාමාන්‍ය සහ දෛනික සේවා නතර වන බවත් හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි ඔහු පැවසුවේ.

අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂකවරයෙකු ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අම්පාර ශාඛාව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23